පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබේ හද තුළයි සොඳුරියේ
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබේ හද තුළයි සොඳුරියේ
මල්ගොමු පිස එන මඳනල අතර මඟක දී
මා එන මඟ වළකන්නට බලා උනි රැඳී
මල්ගොමු පිස එන මඳනල අතර මඟක දී
මා එන මඟ වළකන්නට බලා උනි රැඳි
දසත සැරිසරා සෙව්වෙමි ගුවන්තල අරා
නොදැක ඔබේ රුව, ශෝකය නැගෙයි හද පුරා
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබේ හද තුළයි සොඳුරියේ
සෙවන ලදිමි තුරුගොමුවල එය නොවේ සුවේ
ගිමන නිවන මහද අරන තුරුළ ඔබ ප්රියේ
සෙවන ලදිමි තුරුගොමුවල එය නොවේ සුවේ
ගිමන නිවන මහද අරන තුරුළ ඔබ ප්රියේ
වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරිසරා
සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබේ හද තුළයි සොඳුරියේ
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබේ හද තුළයි සොඳුරියේ